කාන්තාවන් නොසලකන ඇෆ්ගනිස්තානය සමග ක්‍රිකට් බැහැ – ඔස්ට්‍රේලියාව කියයි

556

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරග තුනකින් සමන්විත 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඇෆ්ගනිස්තානය කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ මානුෂීය අයිතිවාසිකම් පිළිබඳ නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳව සලකා බලා තමන් මෙම තීරණය ගත් බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියානු රජය සමග සාකච්ඡා කර ඔවුන් එම තීරණය ගෙන ඇත.

එළඹෙන අගෝස්තු මාසයේදී මධ්‍යස්ථ ක්‍රීඩා පිටියකදී එම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි.

මීට පෙර 2021 වසරේදී සහ 2023 වසරේදී ද ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයකට සහ එක්දින ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි නොවී සිටීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment