“ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනෙන් මවුන්ටන් බයිසිකල් 50 ක්

18

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 7 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා නිමාවට පත්විය. ජයග්‍රාහකයන් වෙත අගනා මවුන්ටන් බයිසිකල් 50ක් ත්‍යාග ලෙස පිරිනැමීම සිදුකෙරිණ.

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය හිමිකරගත් සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ආනයන, නිෂ්පාදන, අලෙවි හා බෙදාහැරීම් අංශය ලෙස ක්‍රියාත්මක වන ස්කෑන් නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කරන “ස්කෑන් ජම්බෝ පීනට්ස්” ප්‍රිය කරන අති මහත් පාරිභෝගික ප්‍රතිචාර මැද මෙවර “ස්කෑන් ජම්බෝ බොනැන්සා” 2023 ජූනි මස 22 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා සංවිධානය කෙරිණ. දිවයින පුරා ගම් නගර 120ක් ආවරණය කරමින් මෙවර වැඩසටහන ක්‍රියාත්මක විය. ස්කෑන් ජම්බෝ පීනට් හිස් පැකැට්ටු එවූ පාරිභෝගිකයන් රැසක් අතුරෙන් කුසපත් ඇදීමෙන් “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment