ව්‍යාපාරිකයකු පැහැරගෙන මුදල් හා රන් භාණ්ඩ කොල්ල කයි

344


බම්බලපිටිය ලෝරන්ස් මාවතේ උත්සව ශාලාවක් අසල රථ ගාලේදී අද නාඳුනන පුද්ගලයකු මෝටර් රථයකින් පැමිණ තිබූ පුද්ගලයකුට අත් මාංචු දමා ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථයෙන්ම පැහැරගෙන ගොස් පැළඳ සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා රන් භාණ්ඩ සහ රුපියල් 30,000 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පුද්ගලයකු සිය බිරිඳ සමග උත්සව ශාලාවේ පැවැති මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණ බිරිඳ උත්සව ශාලාව තුළට ගමන් කිරීමෙන් අනතුරුව මෝටර් රථය රථ ගාලේ නැවතීම සඳහා නවතා තිබූ බස්රථ දෙකක් අතරින් පසුපසට ගැනීමේදී ඔහු අසලට සුදු පාටට හුරු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ පැමිණි පුද්ගලයකු තමන්”‍ පොලිසියෙන්”‍ යැයි පවසා ඔහුට අත් මාංචු දමා එම මෝටර් රථයේ පිටුපස අසුනට දමා ඔහු සමගම මෝටර් රථය රැුගෙන පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment