වැට් ෂොට් එකෙන් ඉන්ධන හල් හබක්

149

තෙල් සංස්ථාව සහ විදේශීය තෙල් සමාගම් ඉන්ධනහල් හිමියන් වෙත ගෙවනු ලබන වට්ටම මුදල මත පතිත කර ඇති සියයට 18ක වැට් බද්ද වහාම ඉවත් කර ගැනීමට රජය ක්‍රියා නොකළහොත් තමුන්ට ඉන්ධනහල් වසා දමා එම ව්‍යාපාරයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඉන්ධන අලෙවියෙන් තමන්ට ලබා දෙන්නේ සියයට තුනකටත් අඩු කොමිස් මුදලක් බවත් එම කොමිස් මුදලින් සියයට 18ක් වැට් බදු ලෙස ගෙවීමට සිදුවී ඇති බවත් එම සංගමය කියා සිටියි.

මේ නිසා ඉන්ධනහල් හිමියන්ට ලැබෙන කොමිස් මුදල සූක්ෂම ලෙස තෙල් සංස්ථාව ආපසු ලබා ගන්නා බවත් සේවක පඩි නඩි, විදුලි බිල්පත් හා අනෙකුත් නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන්කළ පසු මෙම ව්‍යාපාර පවත්වාගෙන යෑමට නොහැකිවනු ඇති බවත් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment