නෙළුම් කුලුන බලන්න ලක්ෂ 16ක්

103

නෙළුම් කුලුන විවෘත කිරීමෙන් පසුව එය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දහසය ලක්‍ෂයකට වඩා වැඩි පිරිසක් පැමිණ ඇත.

ඒ අනුව කුලුන විවෘත කර ගතවූ මාස 16 තුළ එය නැරඹීමට දේශීය නරඹන්නන් පහළොස් ලක්‍ෂ පනස්හතර දහස් පන්සිය දහසයදෙනකු (15,54,516) පැමිණ ඇතැයි නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම කාලයේදී විදේශිකයන් පනස්එක්දහස් තුන්සිය අසූහයදෙනකු (51,386) එය නැරඹීමට පැමිණ ඇතැයි ද ඒ මහතා කීය.

නෙළුම් කුලුන මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙැණේ 2022 සැප්තැම්බර් 15 වැනිදාය.

එය ආරම්භ වූ දා සිට දිනකට දේශීය නරඹන්නන් 5000 දෙනකු ද, විදේශිකයන් 400 දෙනකු ද පැමිණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මසකට නෙළුම් කුලුන නැරඹීමට ලක්‍ෂයක පිරිසක් පැමිණ ඇතැයි ද හේ කීය.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් උපයන ආදායම් සියල්ලක්ම රජයට අයකර දීමට සමත්ව ඇතැයි ද හෙතෙම කීය.

නෙළුම් කුලුන සතියේ දිනවල පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා ද, සති අන්තයේ පෙරවරු 9.00 සිට රත්‍රි 10.00 දක්වා ද, උත්සව සමයේ පෙරවරු 9.00 සිට රාත්‍රි 12.00 දක්වා ද විවෘත බව ද ඒ මහතා කියා සිටියේය.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවට අවන්හල් පහසුකම් මෙන්ම විනෝදවීම සඳහා අවස්ථා ද උදාකර දී ඇතැයි ද ඒ මහතා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment