උ/පෙළ – ශිෂ්‍යත්ව විභාග ලබන වසරට කල් යයි

199

මෙම වසරේ පැවැත්වීමට නියමිත වූ අ.පො.ස. උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය යන විභාගයන් ලබන වසරේ (2022) මුල් භාගය දක්වා කල් යනු ඇතැයි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිiාල, දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

එම විභාග මෙම වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට පැවැත්වීමට කලින් තීරණය කර තිබුණද කොවිඞ් වසංගතය හේතුවෙන් කල්දමනු ලැබිණි.

කෙසේ වෙතත් අදාළ විභාග පැවැත්වෙන කාලසීමාවන් පිළිබඳ නුදුරේදීම නිශ්චිත තීරණයක් දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය.

අදාළ විභාගයන් සඳහා මුහුණදෙන දරු දැරියන්ට ඊට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට යම් කාලයක් ලබාදීම සිදු කළ යුතු බවද 27/2 යටතේ විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා විමසා තිබූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා කීය.

බොහෝ විට එම විභාග ලබන වසරේ මුල් භාගය තුළ පැවැත්වෙනු ඇතැයිද සුසිල් පේ‍්‍රමජයන්ත මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment