චීනයේ භූමිකම්පනයකින් 21කට තුවාල

90

නැගෙනහිර චීනයේ ශන්ඩොන් පළාතට පෙරේදා (06දා) බලපෑ රිච්ටර් මාපකයේ 5.5ක් වශයෙන් සඳහන් වූ භූමිකම්පාවක් හේතුවෙන් නිවාස 126ක් විනාශ වී ගොස් පුද්ගලයන් 21 දෙනකුට තුවාල සිදුව තිබේ. චීන භුමිකම්පා ජාල මධ්‍යස්ථානයට අනුව මෙම භූමිකම්පාව කිලෝ මීටර් 10ක් ගැඹුරින් පිහිටි ස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් පෙරේදා අලුයම කාලයේ හටගෙන තිබේ. මෙම ව්‍යසනයෙන් විපතට පත් වූවන් මුදා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment