එංගලන්ත පළමු ඉනිම ලකුණු 147න් නවතී – අළුබඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය

160

එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර කි‍්‍රයාත්මක අළුබඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාවේ බිස්බ්‍රේන් කී‍්‍රඩාංගණයේදී ඊයේ (08 වැනිදා) ආරම්භ විය. එ් අනුව තරගවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම පන්දුවාර 50යි එක් පන්දුවකදී ලකුණු 147කට සීමා කිරීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

 දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවේදීම එංගලන්තයේ පළමු කඩුල්ල බිඳ දැමීමට ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටාර්ක් ඊයේ (08 වැනිදා) සමත්විය. එ් අනුව එංගලන්ත පළමු කඩුල්ල ලෙසින් රෝරි බර්න්ස් ලකුණු නොලබා දැවී යද්දී වසර 140කට වඩා පැරණි දෙරට අතර අළුබඳුන් තරගාවලියේදී පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දැවී ගිය දෙවැනි අවස්ථාව ලෙසින් එය සටහන්වීම කැපී පෙනුණි.

 අනතුරුව පන්දුව අතට ගත් ඔස්ටේ‍්‍රලියානු නායක පැට් කමින්ස් සිය කඩුලූ දඩයම අරඹමින් පපන්දුවර 13.1 පන්දුවකදී ලකුණු 38ක් ප‍්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලූ 5ක් බිඳ දැමීමට සමත්විය. එ් අනුව නායකයකු ලෙස පන්දු යවමින් ටෙස්ට් ඉනිමක කඩුලූ 5ක් දවා ගත් පන්දු යවනන්ගේ වාර්තා ලැයිස්තුවට ඇතුළත්වීමට පැට් කමින්ස් සමත්විය. මීට පෙර අනිල් කුම්බ්ලේ සහ කොට්නි වොල්ස් එම දස්කම දැක්වූ පන්දු යවන්නන් ලෙස වාර්තා අතරට එක් වී සිටියේය.

 මීට අමතරව තමන් නායකත්වය දැරූ පළමු තරගයේදීම එම දස්කම සිදුකළ ලොව දෙවැනි ටෙස්ට් නායකයා බවට ඊයේ පැට් කමින්ස් පත්වූ අතර මීට පෙර ඇෆ්ගනිස්තානයේ රෂීඞ් ඛාන් තමන් නායකත්වය දැරූ පළමු ටෙස්ට් තරගයේදීම පළමු ඉනිමේ කඩුලූ 5ක් දවා ගැනීමට සමත්වී තිබේ.

 එංගලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජොස් බට්ලර් ලකුණු 39ක් සහ ඕලි පොප් ලකුණු 35ක් රැුස් කිරීමට සමත්විය. ඊට අමතරව හසීබ් අහමඞ් ලකුණු 25ක් සහ කි‍්‍රස් වෝක්ස් ලකුණු 21ක් ලබාගැනීමට සමත්විය. එ් හැරුණුකොට එංගලන්ත පළමු ඉනිමේ කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් නොවීය.

advertistmentadvertistment
advertistmentadvertistment