ජල විදුලි නිෂ්පාදනය 57.17%ක් දක්වා ඉහළට

199

විදුලි කැපිල්ල අඩු කරන්න පුළුවන්දැයි සොයයි

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට තද වැසි පතිත වීමෙන් පසු ජල විදුලි නිෂ්පාදනය සියයට 57.17 දක්වා ඉහළ යෑමත් සමග දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිසම කියා සිටී.

කෙසේ වෙතත් තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට තිබෙන ගැටලුව මත විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට නොහැකි වනු ඇතැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට සඳහන් කළේය.

විදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂකවලට වැසි ලැබුණු පසු මෙරට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 57.17ක් ජල විදුලියෙන්ද සියයට 30.69ක් ගල්අඟුරු මගින්ද, සියයට 3.42ක් සුළං මගින්ද, සියයට 2.20ක් තාප (ඉන්ධන) බලාගාර මගින්ද ලබා ගන්නට හැකිවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment