රැස්වීමට පැමිණි මහින්ද අමරවීරට  තිස්සමහාරාම ගොවීන්ගෙන් ‘හූ’ සංග්‍රහයක්

204

ගොවි සාකච්ඡාවකට සහභාගි වීම සඳහා තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ගොවීන් පිරිසක් විසින් විරෝධතාව දක්වා මාර්ගය හරස් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතු`ඵ වීමට ඉඩ ලබා නොදුනි.

එහිදී විරෝධතා කරුවන් තුළ පැවැති නොසන්සුන් කාරී තත්ත්වය හමුවේ අමාත්‍යවරයාට ගොවි රැස්වීමට සහභාගි නොවී ගොවීන්ගේ හූ… හඬ මධ්‍යයෙහි ආපසු හැරි යෑමට සිදුවිය.

මෙතෙක් පැවැති සෑම රජයකම අමාත්‍ය ධුර දරමින් රට අගාධයට ඇද දැමිමේ හවුල්කරුවකු වූ මහින්ද අමරවීර කෘෂිකර්මාන්තය විනාශ කර ගොවියාත් සමස්ත රටේ ජනතාවත් වළපල්ලට ඇද දමා ඇති බව විරෝධතාකරුවෝ පැවසීය.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment