අගමැති ඇරයුමෙන් නිදහස් උත්සවයට සහභාගි වෙනවා…. ඌරුවරිගයේ වන්නියලැත්තො කියයි

102

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රටපුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නියලැත්තො පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.

ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව ද පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ආදිවාසී නායකයන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment