පොලිස් නිලධාරියා කැබ් රථයට යටවී මරුට

164

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු කැබ් රථයකට යට වීම නිසා සිද්ධිය වූ ස්ථානයේදීම 9 දා මියගොස් තිබේ.

වවුනියාව පුලියන්කුලම පොලිසියේ සේවය කළ මෙම නිලධාරියා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කරුණාතිලක නැමති පොලිස් නිලධාරියාය.

වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment