“පොතුකබර” රෝගයෙන් කායිකව හා මානසිකව පීඩා විඳිනවාද?

242

අපි කවුරුත් කැමතියි පියකරු පෙනුමකට ඉන්න. ශරීරයකට මෙවැනි ලස්සන පෙනුමට ගෙන දෙන ප්‍රධානම ඉන්ද්‍රිය ලෙස සම හඳුන්වන්න පුළුවන්. නමුත් අද සමාජයේ 2% ආසන්න පිරිසක් සම අවලස්සන කරන පොතුකබර (Psoriasis) රෝගය නිසා පීඩා විඳින බව පෙනී ගොස් තිබෙනවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම රෝගය වැලඳිය හැකි බව පෙනී යනවා. ඒ වගේම රෝගය වැලඳුණු කෙනෙකු සමාජයට පෙනී සිටීමට ඇතිවන ලැජ්ජාව නිසා මානසික ආතතියට පත්වීමට ද මෙම රෝගයේ දැකිය හැකි ලක්ෂණයකි. පොතුකබර (Psoriasis) රෝගය සුවකළ නොහැකි රෝගයක් සමාජයේ සම්මතව පැවතුනද හෝමියෝපති ප්‍රතිකාර මගින් පොතුකබර (Psoriasis) රෝගීන් සම්පූර්ණයෙන් සුවකළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් බව කිව යුතුයි.

පොතු කබර (Psoriasis) රෝග වැලඳීමට හේතු සාධක

මෙම රෝගය වැලඳීමට හේතුව තවමත් හරියාකාරව සොයාගෙන නැහැ. නමුත් වඩාත් පිළිගත් මතය වන්නේ ජානවල බලපෑමක් නිසා ඇතිවන්නක් බවයි. මෙය කිසිවිටක බෝවන රෝගයක් නොවේ. මෙය අප ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ දුර්වලතාවයකදී සිරුරේම ඇති ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයක් සිරුරට විරුද්ධව ක්‍රියා කිරීමක් නිසා ඇති වන්නක් (Autoimmune disease) ලෙස හැඳින්විය හැකිය. එම ක්‍රියාවලිය පණගැන්වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂිත වූ යම් හේතුවක් (Provocating factor) බලපායි.

● උදා – කෘත්‍රීම රසකාරක යෙදූ ආහාර මෙන්ම එකිනෙකට නොගැලපෙන ආහාර නිතර පරිභෝජනය. (කිරි, මාළු)

● නිතර පවතින මළබද්ධය

● නිදි වැරිම

● තුවාල (වැටීම් සිරීම් නිසා ඇතිවන තුවාල ආසාදනයන්)

● ආසාදන (සමහර බැක්ටීරියා (Streptococcal pharyngit) හෝ වෛරස් (HIV) ආසාදන

● ඖෂධ – Lithium,Sysyemic Corticosterids වැනි ඖෂධ නැවැත්තු විට, රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ නිසා (beta blockers)

● අධික තාපයට නිතර යොමු වීම.

● දුම් පානය.

● මත් පැන් පානය

● හෝර්මෝනවල වෙනස්කම්

● මානසික පීඩනය.

● පොතුකබර රෝගයේ වර්ග හා එහි ලක්ෂණ

හිස්කබල, නළල, කන් දෙපස, වැලමිට, දණහිස් සිරුර පුරාම නියපොතු මතද වෙනස්කම් ගෙනදෙන රෝගී ලක්ෂණ ඇති කරයි.

Psoriasis (පොතුකබර) රෝගය

මෙය පොදුවේ දැකිය හැකියි. රතුපාට සම හා සිල්වර් පාට පොතු දැකිය හැකියි. ඒවා මත කැසීමක් ඇති අතර වේදනාකාරියි. සමහර අවස්ථාවන්හි ඉරි තැලීම්, ලේ ගැලීම්ද දැකිය හැක. මෙය ශරීරයේ විශාල පරාසයකට පැතිර යයි.

Inverse Psoriasis (පොතුකබර) රෝගය

ඉකිලිවල, පියවුරු යට, කිහිලිවල වැනි සම්පූර්ණයෙන් නොපෙනෙන ස්ථානවල පොතුකබර ඇති විය හැක. රතු පාට දිලිසෙන ලෙස සමේ වෙනස්කම් දැකිය හැක.

Erthrodermiv Psoriasis (පොතුකබර) රෝගය

දීර්ඝ කාලයක් ගත් සමහර ඖෂධ නතර කළ විටද අධික හිරු තාපය නිසාද ආසාදන නිසාද හට ගන්නා පොතු කබර විශේෂයකි. සම රතු පාට, දිලිසෙන ආකාරයට මෙහිදී ද වෙනස්කම් දැකිය හැක.

Exfoliative Deratitis (පොතුකබර) රෝගය

මුළු සිරුර පුරාම 95% ක්ම සමේ රෝගයක් ලෙස පැතිරීමක් පෙන්නුම් කරන මෙය පොතුකබර වර්ගයට අයත් රෝගී තත්ත්වයකි. ඉක්මන් ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයි. මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර නොකිරීමෙන් ජීවිත අවදානමක් පවා ඇතිවිය හැක.

Pustular Psoriasis

ඉක්මන් ප්‍රතිකාර කළ යුතු මෙම පොතුකබර තත්ත්වයේ ලක්ෂණය වන්නේ සැරව ගෙඩි සිරුරේ තැනින් තැන ඇතිවීමය. මේ රෝගී ලක්ෂණය බොහෝ දෙනා බැක්ටීරියා ආසාදනයක් ලෙස සැක කළ ද මෙය ද පොතුකබර වර්ගයකි.

Psoriasis Arthritis

සමහර රෝගීන්ගේ නියපොතුවල හිල් වශයෙන් ආරම්භ වන මෙම රෝගය පසුව නියපොතු අවපැහැ ගෙන, නියමල වෙන්වී පොතු වශයෙන් හැලීමට පටන්ගෙන නියපොතු නරක් වීමට සිදුවේ. ඒ සමග ඇඟිලි ආශ්‍රිත සන්ධි ඉදිමීම වේදනාකාරි තත්ව දැකිය හැක. තවද විශාල සන්ධි මතද (කොන්ද, දණහිස, වැලමිට, විලුඹ) ආශ්‍රිත සන්ධි ඉදිමීම, ශරීරය පුරා ඇති කරන වේදනාව ලෙස මේ සමග ආතරයිටිස් රෝගය ද දැකිය හැකි වීම Psoriasis Arthritis රෝගයේ ලක්ෂණ වේ.

හෝමියෝපති ප්‍රතිකාර ලබා දෙන ආකාරය

හරිම ලෙහෙසියි, පහසුයි, කුඩා බෝල හෝ පෙති ඖෂධ ලබා දෙනවා. තිත්ත රසයක් නැහැ. ඕනෑම තැනක සිට භාවිතා කළ හැකියි. රෝග මූලයට ප්‍රතිකාරය මෙන්ම ආලේපයට සුදුසු හෝමියෝපති ආලේපනය ලබා දෙනවා. දවසට දෙවරක් ආලේප කළ යුතුයි. අප හෝමියෝපති ඖෂධ භාවිතයෙන් සතියක් යන්නත් පෙර ප්‍රතිඵල දැකිය හැකි වනවා.

කොහොමද මෙතරම් සරල සුවයක් හට ගන්නේ

හෝමියෝපති ප්‍රතිකාර මගින් රෝගයට හේතු වූ රෝග මූලය නැති කර දමනවා. එකිනෙකාට ආවේණික වූ දුර්වල වූ ප්‍රතිශක්තිය ගොඩනංවන ඖෂධ එකිනෙකාගේ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙනදෙනු ලබනවා. මෙහිදී ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරන්න හෝමියෝපති ඖෂධ සමත් වනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මූලධර්මයට අනුව ඉතා සාර්ථක ලෙස මෙමගින් ඕනෑම පොතුකබර රෝගයක් නිසැක සුවය ලබනවා. අපේ ඖෂධවල ගුණය කැළලක්වත් ඉතිරි නොකර මැකී යනවා. නියපොතු යථා තත්ත්වයට පත්වෙනවා. සන්ධි වේදනා නැතිව යනවා. පොතුකබර රෝගීන් ඉමහත් සතුටක් ලබනවා. මානසික ආතතියද නැතිව යන්නේ හෝමියෝපති ප්‍රතිකාර ගැනීමේදී රෝගියාගේ කායික රෝගි තත්ත්ව මෙන්ම මානසික රෝගී තත්ත්වද සැලකිල්ලට ගනු ලබන බැවිනි.

ප්‍රතිකාර ගැනීමේදී සැලකිය යුතු කරුණු

අධික උෂ්ණාධික ආහාර වන බලමාළු, බල කරවල, ඉස්සො, දැල්ලො, කකුළුවො, සාඩින්, සොසේජස් වැනි ආහාර මෙන්ම තක්කාලි, අන්නාසි, අබ, මැන්ගුස්, රඹුටන් වැනි පලතුරු ද කිරිපිටි වර්ගවලින්ද වැලකී සිටිය යුතු වනවා. ඒ වගේම ඖෂධ නියමාකාරයෙන් දෙනු ලබන පිළිවෙළට භාවිතා කළ යුතුයි. ප්‍රතිකාර වගේම සුවයට රෝගියාගේ සත්කාරයත් අවශ්‍ය වනවා.

සමාජයට දිය යුතු පණිවිඩය

ඔබ මෙම පොතුකබර රෝගය සුවකර ගත නොහැකියි කියා බිය විය යුතු නැත. හෝමියෝපති ප්‍රතිකාර තුළින් පොතුකබර රෝගය ස්ථිර ලෙස නිසැක සුවයක් අතුරු ආබාධවලින් තොරව ලබාගත හැකියි. ප්‍රතිකාර ගැනීමේදී වැඩි වී අඩු වන්නේ නැහැ. පොතුකබර නිසා ඇතිවන කැළැල් පවා නැති වී ඔබේ සම පැහැපත් වී අලංකාර පෙනුමක් සුවයක් සතුටක් මෙම ප්‍රතිකාර තුළින් ඔබ ලබනු නිසැකය.

වැඩි දුර විස්තර සඳහා දුරකථන අංක 071 8250717 ඇමැතිය හැකිය.

“පොතුකබර” රෝගයෙන් කායිකව හා මානසිකව පීඩා විඳිනවාද?

වෛද්‍ය අනුෂා හේමකුමාර
එච්. කේ. හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්, නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත,
කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment