ද. අප‍්‍රිකානු නව විකෘති ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවත් සලිත කරයි

539

කොවිඞ් මර්දනය කිරීම වෙනුවෙන් ලබා දෙන සෑම එන්නතකටම ප‍්‍රතිවිරෝධයක් දක්වන දකුණු අප‍්‍රිකානු කලාපයෙන් සොයාගත් බී.1.1.529 නව විකෘති කොවිඞ් ප‍්‍රභේදය මෙරට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ ට ඊයේ (26 දා) ප‍්‍රකාශ කළේය.

මෙම නව විකෘති කොවිඞ් ප‍්‍රභේදයේ විකෘතිතා 50 කට වැඩි ප‍්‍රමාණයක් පැවැතිය හැකි නිසා ඒ පිළිබඳව මෙරට සෞඛ්‍ය දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද වෛiවරයා සඳහන් කර සිටියේය.

‘බී. 1.1.529’ විකෘති කොවිඞ් ප‍්‍රභේදය හඳුනා ගැනීම සඳහා ගුවන්තොටුපළ සහ වරාය ආශ‍්‍රිතව විශේෂ පරීක්‍ෂණාගාර සූදානම් කළ යුතුව ඇතැයි ද කී වෛiවරයා අප‍්‍රිකානු කලාපයෙන් මෙරටට පැමිණෙන සියලූ පුද්ගලයන් එහිදී දැඩි පරීක්‍ෂාවන්ට ලක්කළ යුතු බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙසේද කියා සිටියේය.

‘වෛද්‍ය විශේෂඥයන්ගේ නිගමනයන්ට අනුව ‘බී1.1.529’ මේ පවතින කොවිඞ් විකෘති ප‍්‍රභේද අතර ප‍්‍රබලම ප‍්‍රභේදය. ඒ වගේම මෙහි පැතිරීම ශීඝ‍්‍රයෙන් සිදුවන්නක්. අවදානම් පැත්ත තමයි මේ ප‍්‍රභේදය කිසිදු එන්නතකට හීලෑ නොවීම. එන්නත්වලින් ඇතිකරන ප‍්‍රතිශක්තිය මේ ප‍්‍රභේදය විසින් විශාල ලෙස අඩපණ කරනවා.

ලෝකේ කුමන රටක නව කොවිඞ් ප‍්‍රභේද මතුවුණත් අපටත් ඒ අවදානමෙන් මිදිය නොහැකිව තිබෙනවා. ඒ නිසා සංචාරකයන් මෙරටට පැමිණීමේදී දැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා. කාලයකට ඉස්සර අපිත් කොවිඞ් රතු ලැයිස්තුවේ සිටියා. මේ වගේ දැඩි අවදානම් ප‍්‍රභේද මතුවෙද්දී අපිත් ඒ රටවල් පිළිබඳව සැලකිල්ලෙන් බැලිය යුතුයි.

මේ වගේ තත්ත්වයකදී රටක් හැසිරිය යුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. අපි ඒ ප‍්‍රධාන මාර්ගෝපදේශ පිළිපැදිය යුතුයි.

විශේෂයෙන් අප‍්‍රිකානු කලාපයෙන් එන අය සහ යන අය පිළිබඳව සොයා බලා යම් සංචරන සීමාවක් පැනවිය හැකි නම් එය අපේ රටේ නව ප‍්‍රභේදය පැතිරීම වැළැක්වීමට ගත් යහපත් පියවරක් වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment