සංවර්ධන ලොතරැයි මණ්ඩලය මිලියන 05ක සුපිරි ජය මල්ලක් සමගින් ‘Lucky Freedom’ ලොතරැයිය වෙළෙඳ පොළට

380

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් රුපියල් මිලියන 05කින් යුත් සුපිරි ජය මල්ලක් සමගින් ‘Lucky Freedom’ (ලකී ෆ්‍රීඩම්) නමින් නව ලොතරැයි පතක් වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් නිකුත් කිරීම කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා (05 දින) සිදුවිය. මෙම ලොතරැයි පත හරහා 2023 නව වසරට තව තවත් තෑගි ගෙනෙමින් වාසනාවන්තයින් රැසක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සියලු කටයුතු සංවිධානය කර ඇති අතර මෙම ලොතරැයි පතේ දිනුම් ඇදීම එළැඹෙන පෙබරවාරි 10 වැනිදා සිදුකිරීමට නියමිතව ඇති අතර, රුපියල් පනහක මිලකට පාරිභෝගික ජනතාව අතරට පත්වන ‘Lucky Freedom’ විශේෂ ලොතරැයිය තුළින් රුපියල් මිලියන 05ක සුපිරි ජයමල්ලක් සමගින් තවත් මුදල් ත්‍යාග රැසක් දිනාගත හැක.

නව ලොතරැයි පත් දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන්ට ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා, අලෙවි නියෝජිත ජේ. ජී. වසන්ත මහතාට ලොතරැයිපත් තොගය ප්‍රදානය කළ අයුරු. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) චානක දොඩම්ගොඩගේ මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය ද වෙති.

සටහන හා ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment