කොමර්ෂල් බැංකුව වෙතින් නව ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් හිමියන්ට තෑගි

141

බැංකුවේ ජනප‍්‍රියතම ළමා ඉතුරු කිරීමේ ගිණුම් මගින් ලබාදෙන ඉතිරි කිරීමේ විකල්ප පිළිබඳව අවධාරනය කිරීමටත් දරුවන් වෙනුවෙන් ඉතිරිකිරීමට දෙමව්පියන් යොමුකිරීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සැලසුම් කර තිබෙන බව බැංකුව සඳහන් කරයි.

අපේ‍්‍රල් 01 වනදා සිට මැයි 31 වනදා දක්වා රුපියල් 1000 ක හෝ එයට වඩා වැඩි මූලික තැන්පතුවක් සමඟ මෙම ඉතිරිකිරීමේ ගිණුම් දෙකෙන් එකක් විවෘත කරන අයට පරිසර හිතකාමී, ලෝහයකින් තැනූ කාසි එකතු කරන කැටයක් හෝ අවුරුදු තුනක් දක්වා දරුවන් රැකබලා ගන්නා ආකාරය උගත හැකි වටිනා පොතක් හිමිකර ගත හැකි බව බැංකුව සඳහන් කරයි. කුඩා දරුවන් හදාවඩා ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් දෙන මෙම පොත ජ්‍යෙෂ්ඨ නාරිවේද වෛද්‍ය උපාලි මාරසිංහ මහතා විසින් රචනා කර තිබෙන අතර එය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment