ඇෆ්ගන් යුවල කාබුල් ගුවන්තොටුපළේදී ඇමෙරිකානු සෙබළාට භාරදුන් දරුවා අතුරුදන්

735

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළේ ඇති වූ තදබදය නිසා සිය දෙමස් වියැති දරුවා බේරා ගැනීම සඳහා ඇමෙරිකානු සෙබළෙකුට දෙමවුපියන් විසින් භාරදුන් එම ළඳරුවා මේ දක්වාම හමුවී නැත. ඔහුගේ මවු පියෝ තම පුත‍්‍රයා සොයාගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වී ඇත.

 සොහයිල් නැමැති එම ළදරුවා එකී මවුපියන් වෙත භාරදීමට ළඳරුවා භාරගත් සෙබළා ක‍්‍රියාකර නැත.

 එම මවුපියන් දෙදෙනා ඇමෙරිකාවට පැමිණි පසු සිය පුත‍්‍රයා සෙවීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. පසුගිය අගෝස්තු 19 දා මෙම ළඳරුවා එම සෙබළාට භාර දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment