දූෂණ චෝදනා නිසා ඔස්ටි‍්‍රයානු චාන්සලර් ඉල්ලා අස්වේ

88

දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් ඔස්ටි‍්‍රයාවේ රාජ්‍ය නායකයා වන චාන්සලර් සෙබස්තියන් කෘස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. චාන්සලර්වරයා හා ඔහුගේ පක්ෂයේ තවත් 09 දෙනකුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතරේ ඔහු පෙරේදා (09 දා* මෙසේ ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පාලක කොන්සර්වේටිව් ඕ වී පී ජනතා පක්ෂයේ නායකයාද වන චාන්සලර්වරයා වූ කෘස් සිය අනුප‍්‍රාප්තිකයා වශයෙන් ඔස්ටි‍්‍රයාවේ විදේශ කටයුතු ඇමැති ඇලෙක්සැන්ඩර් ශෑලෙන්බර්ග්ගේ නම යෝජනා කර තිබේ. ලොව ප‍්‍රජාන්ත‍්‍රවාදී ලෙස තේරී පත් වූ ලාබාලතම රාජ්‍ය නායකයන් කිහිපදෙනාගෙන් කෙනකු වන 35 හැවිරිදි වියෙහි පසුවන කෘස් 2017 වසරේදී ඔස්ටි‍්‍රයාවේ චාන්සලර්වරයා වශයෙන් පත් වන විට ඔහුගේ වයස අවුරුදු 31ක් විය. 2016-2018 අතර කාලසීමාවේදී පුවත්පතක පළ වූ ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය සිය පක්ෂයට වාසිදායක වන ලෙස වැඩි කර පෙන්වීම් සඳහා මුදල් අමාත්‍යාංශය සතු මුදල් අයථා ලෙස වැය කළ බවට කෘස්ට හා පක්ෂයේ තවත් 09 දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. කෙසේ වුවද ඉල්ලා

අස් වූ චාන්සලර් කෘස් එම චෝදනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment