රවීන්ද්‍ර විජේරත්නගේ 40 වීනස්ගේ උපත

195

ඉන්දියානු දීර්ඝ ටෙලි නාට්‍ය රැල්ල මෙරට පේ‍්‍රක්ෂකයන් ග‍්‍රහණය කරගෙන තිබියදී ‘‘ජීවිතය ලස්සනයි’’ ටෙලි නාට්‍ය නිර්මාණය කරමින් එම පේ‍්‍රක්ෂකාගාරය ලාංකීය දීර්ඝ ටෙලිනාට්‍යක් හමුවට ගෙන ඒමට සමත් වූ අධ්‍යක්ෂවරයෙක් වන රවින්ද්‍ර විජේරත්න සිය හතළිස් වැනි ටෙලි නාට්‍ය නිර්මාණයේ රූගත කිරීම් ආරම්භ කර ඇත. එම ටෙලි නිර්මාණය වන්නේ ‘‘ වීනස්ගේ උපත’’ ටෙලි නාට්‍යයි. ෂමෙල් ජයකොඩි විසින් රචනා කළ වීනස්ගේ උපත කෘතිය ඇසුරින් තිරපිටපත ලියැවුණු ‘‘ වීනස්ගේ උපත’’ ටෙලි නාට්‍යට නැගීම තම කලා දිවියේ විශේෂ අවස්ථාවක් බව පවසන රවීන්ද්‍ර විජේරත්න ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.

රවීන්ද්‍ර විජේරත්නගේ 40 වීනස්ගේ උපත

‘‘ මගේ ටෙලි නාට්‍යකට නව කතාවක් පාදක වීම නිසා මේක විශේෂයි. මේ කෘතිය 2018 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ කෘතියක්. සම්මානනීය වේදිකා නාට්‍ය කරුවෙක්ගෙ පවුල් පසුබිම මේ කතාවට පාදක වෙන්නෙ. ඔහුට ඉන්නෙ තරුණ පුතුන් තිදෙනෙක්. ඔහුගේ ගෙදරට අහම්බෙන් අවුරුදු විස්සක විතර ගෑණු ළමයෙක් එනවා නාට්‍යක රඟපෑමේ ආසාවෙන්. ඒ අවස්ථාවේ නාට්‍යකරුවා ඉන්නෙ නාට්‍යක් කරන්න බැරි තරමේ අසනීපයෙන්. ඒත් මේ ගෑණු ළමයගේ පැමිණීමත් එක්ක අලුත් නාට්‍යක් කරන්න හදනවා. ඒ කරන නාට්‍ය තමා වීනස්ගෙ උපත. මේ වෙනකොට ඔහුගේ පුතුන් තිදෙනාම ඉන්නෙ ගෙදරින් ඈතක. අසනීපව සිටි තත්තා හදිස්සියේ නාට්‍යක් කිරීමට තරම් ඇති වුණු ප‍්‍රබෝධය ඔවුන් පුදුමයටත් කුතුහලයටත් පත් කරනවා. ටෙලි නාට්‍යය ඉදිරියට ගලා යන්නෙ එහෙම.’’ රවීන්ද්‍ර වැඩිදුරටත් පවසවා.

රවීන්ද්‍ර විජේරත්නගේ 40 වීනස්ගේ උපත

අසංක සායක්කාර තිර පිටපත ලියූ වීනස්ගෙ උපත ටෙලි නාට්‍යයේ හේමසිරි ලියනගේ, ජයනී සේනානායක, ධනුක ඩිල්ෂාන්, ශලනි තාරකා, සංජය මුරමුදලි, ගිහාන් ෆනෑන්ඩු, හර්ෂණ බෙත්මගේ චරිත නිරූපණයේ යෙදනෙ විනස්ගේ උපත නිෂ්පාදනය තරංග දිසානායක විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment