මිල වැඩිවීමත් සමඟ බෙහෙත් එළියට එයි

197

බෙහෙත් මිල ගණන් වැඩි කිරීමත් සමගම දිවයිනේ පුද්ගලික ඔසුසල්වලට මෙතෙක් සැපයීම නතර කර තිබූ බෙහෙත් තොග ලැබීමට පටන් ගෙන ඇති බව පුද්ගලික ඔසුසල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පුද්ගලික ඔසුසල් හිමිකරුවන්ගේ සංගමය කියා සිටියේ මේ වන විට පුද්ගලික ඔසුසල්වලට බෙහෙත් සැපයීමට බෙහෙත් ආනයනකරුවන් විසින් පියවර ගෙන ඇති බවයි. රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් බෙහෙත් ආනයනකරුවන් විසින් ඉකුත් සතියේදී පුද්ගලික ඔසුසල්වලට බෙහෙත් සැපයීම නතර කරනු ලැබූ අතර ඉකුත් සති අන්තය වන විට එම ඔසුසල්වල පැවතියේ සතියකට සෑහෙන බෙහෙත් තොගයක් පමණකැයි වාර්තා වී තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment