ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් ඇගයේ

324

තිලංග-ශම්මි-අර්ජුන-රොෂාන් සහ මහේලත් එති

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් පුහුණු පාසලක් වන සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ නිර්මාතෘ සහ ප්‍රධාන පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතාට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ බිෂොප්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් බිහිකළ පුහුණුකරු වන එදින 86 වැනි වියට පාතැබූ නෙල්සන් මෙන්ඩිස් මහතා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස වසර 63 ක් සේවය කර තිබේ.

මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු කණ්ඩායම් රැසක ක්‍රීඩා කර කොළඹ නාලන්දා විදුහලේ වසර ගණනාවක් පුහුණුකරු ලෙස කටයුතු කර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 28 ක් දායාද කර තිබේ. ඒ මහතා පසුගිය වසර 25 තුළ සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලෙන් ද ක්‍රීඩකයන් 10 ක් ජාතික කණ්ඩායමට දායාද කළේය. එම උපහාර උත්සවයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන අර්ජුන රණතුංග, රොෂාන් මහනාම, මහේල ජයවර්ධන මෙන්ම හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු සහ මයිකල් තිසේරා යන මහත්වරු ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් සහභාගි වූහ.

ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් ඇගයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපතිවරු වන ආනා පුංචිහේවා සහ තිලංග සුමතිපාල, වර්තමාන සභාපති ශම්මි සිල්වා, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු සභාපති හේමක අමරසූරිය යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment