පුංචි තිරයේ මහා මංගල්‍යය හෙට

480

ජනප්‍රියම නිළිය හා ජනප්‍රිය නළුවා කාට හිමිවේවිද?
මාණික්කාවත, පීතෘ, Once upon Time in colombo සම්මාන පොරයක….

රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට නව මානයක් හඳුන්වා දෙමින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් 19 වැනි වරටත් හෙට (25 වැනිදා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

මෙවර නිර්දේශිත නාම සන්ධ්‍යාව පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප්‍රධාන උළෙල දෙකකින් සමන්විත වේ. එනම් නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි.

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස කිරුළු පළඳින්නට, ස්වර්ණවාහිනියේ විකාශනය වූ පීතෘ ටෙලි නාට්‍යයේ ලලිත්ගේ චරිතය රඟපෑ ප්‍රියන්ත සිරිකුමාරත්, ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ මාණික්කාවත ටෙලි නාට්‍යයේ කෙටිහාමිගේ චරිතයට ජීවය දුන් ජගත් චමිල වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වූ තුම්පනේ ටෙලි නාට්‍යයේ විකුම්සිරිගේ චරිතයට පණ දුන් මධුර ප්‍රභාෂ්වරත් නිර්දේශ විය.

වසරේ විශිෂ්ටතම නළුවා එසේ නිර්දේශ වෙද්දී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස කිරුළු පළඳින නිර්දේශිත නාමයන් අතර එකම ටෙලි නාට්‍යයේ චරිත දෙකක් තිබීම සුවිශේෂී කරුණක් විය. ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ මාණික්කාවත ටෙලි නාට්‍යයේ පිච්චිගේ චරිතයට පණ පෙවූ උමා අසෙනි සහ ගුණාදරීට ජීවය දුන් වොල්ගා කල්පනී එසේ නිර්දේශ වූ රංගන ශිල්පිනියන් දෙපළ වේ. මීට අමතරව පීතෘ ටෙලි නාට්‍යයේ ගෞරිගේ චරිතය රඟපෑ උමාලි තිලකරත්නත්, අඳුන්ගිර ටෙලි නාට්‍යයේ කොයින් මැණිකේ ලෙස රංගනයෙන් එක් වූ දමිතා අබේරත්නත් නිර්දේශ විය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට මාණික්කාවත ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ සුදත් රෝහණත්, තුම්පනේ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ සුපුන් රත්නායකත්, පීතෘ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ආනන්ද අබේනායකත්, Once upon Time in colombo ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ චමිල් පතිරණත් නිර්දේශ විය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ෆාහිම් මවුජූඩ් නිෂ්පාදනය කළ පීතෘ සහ මාණික්කාවතත්, සහරා ග්ලෝබල් නිෂ්පාදනය කළ Once upon Time in colombo යන ටෙලි නාට්‍ය නිර්දේශ විය.

පුංචි තිරයේ මහා මංගල්‍යය හෙට

මෙවර රයිගම් ටෙලි සම්මාන නිර්දේශිත නාම උළෙලේදී සිදුවූ සුවිශේෂීම සිද්ධිය වූයේ සුදත් රෝහණ අධ්‍යක්‍ෂණය කළ මාණික්කාවත ටෙලි නාට්‍ය සම්මාන දොළහක් සඳහාත්, ආනන්ද අබේනායක අධ්‍යක්‍ෂණය කළ පීතෘ ටෙලි නාට්‍ය සම්මාන එකොළහක් සඳහා නිර්දේශ වීමත් එම නාට්‍ය ද්විත්වයම එකම නිෂ්පාදකවරයකු විසින් නිෂ්පාදනය කිරීමත් ය. එම ටෙලිනාට්‍ය ද්විත්වයේම නිෂ්පාදකවරයා වන්නේ මෙරට ටෙලි නාට්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් කළ ෆාහිම් මවුජූඩ් ය.

එමෙන්ම නවක අධ්‍යක්‍ෂවරයෙක් වන චමිල් පතිරණ අධ්‍යක්‍ෂණය කළ Once upon Time in colombo ටෙලා නාට්‍ය සම්මාන එකොළහකටත්, අඳුන්ගිර ටෙලි නාට්‍ය සම්මාන හයකටත්, තුම්පනේ ටෙලි නාට්‍ය සම්මාන පහකටත් නිර්දේශ විය.

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය සම්මානය සඳහා ඉහළ තරගකාරීත්වයක් නිර්මාණය වී ඇති අතර එස්. එම්. එස්. වලින් ජනප්‍රිය නළුවා, නිළිය හා ටෙලිනාට්‍ය තෝරාගනු ලබයි.

එස්. එම්. එස්. මනාප අනුව පසුගිය 23 වැනිදා වන විට ජනප්‍රිය ටෙලිනාට්‍ය, ජනප්‍රියම නිළිය හා ජනප්‍රිය නළුවා මෙලෙස ඉදිරියට ඇවිත් තිබුණි. කියාදෙන්න ආදරේ තරම්, පාරදිගේ සහ අක්‍ෂී ජනප්‍රිය තරගයේ ඉදිරියෙන්ම සිටින ටෙලිනාට්‍ය වන අතර එයා දැන් බැඳලා, දෙවෙනි ඉනිම, සංගීතේ, කෝලම්කුට්ටම, ඉස්කෝලේ, රාජිනි, දිව්‍යාදරී ජනප්‍රිය ටෙලිනාට්‍ය පොරයේ ඉදිරියට ඇවිත් තිබේ.

පුංචි තිරයේ මහා මංගල්‍යය හෙට

ජනප්‍රියම නිළිය සඳහා චතු රාජපක්ෂ, දුෂේනි සහ ශලනි ඉදිරියෙන් සිටින අතර සෙනාලි, දමිත්‍රි, සප්නා, නෙත්මි, සේමිණි, නිත්‍යා, මිෂෙල් තරග කරමින් සිටී.

ජනප්‍රිය නළුවා සඳහා සචින්, උද්දික, කුසල්, ඉදිරියෙන්ම සිටින අතර රවීන්, ඉෂාර, මහේන්ද්‍ර, චමීර, ලවන්, දිනෙල්ක, සාරංග තරග බිමේ ඉදිරියට ඇවිත් ඇත.

● දිනේෂ්

පුංචි තිරයේ මහා මංගල්‍යය හෙට

advertistmentadvertistment
advertistmentadvertistment