Melody of the mother වැඩසටහන් යෝජනාව ජපන් ත්‍යාග අවසන් වටයට

296

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් සහය නිෂ්පාදිකාවක වන විනෝෂා කිරිවන්දෙනියගේ රූපවාහිනි වැඩසටහන් යෝජනාවක් 2021 වසර ජපන් ත්‍යාග රූපවාහිනි අධ්‍යාපන තරගයේ අවසන් වටයට තේරි පත්ව තිබේ. Melody of the mother Nature නමැති මෙම වැඩසටහන් යෝජනාවට පසුබිම් වී තිබෙන්නේ පාසලක ගුරුවරයකු පරිසරයේ ඇති ඉවතලන ද්‍රව්‍යවලින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමේ පුවතයි.

මීට පෙර ජපන් ත්‍යාග රූපවාහිනි වැඩසටහන් අංශයෙන් මෙම සම්මානය සඳහා රූපවාහිනියේ අතුල දිසානායක විසින් ඉදිරිපත් කළ ‘‘වන මං දිගේ අකුරට’’ වැඩසටහන සම්මානයට පාත‍්‍ර වූ අතර කාන්තා නිෂ්පාදකවරියක් මෙම තරගයේ අවසන් වටයට තෝරා ගැණුනු ප‍්‍රථම අවස්ථාව මෙයයි.

ශ‍්‍රී ලංකාවෙන් තේරුණු මෙම වැඩසටහන සමග බංගලාදේශය, ඉක්වදෝරය, කොළොම්බියාව, මෙක්සිකෝව සහ ඉරානය විසින් ඉදිරිපත් කළ වැඩසටහන් අවසන් වටයේදී තරග වැදීමට නියමිතය.

විනෝශා කිරිවන්දෙනිය ජාතික රූපවාහිනියේ අධ්‍යාපන අංශයේ සහය නිෂ්පාදිකවරියකි.

advertistmentadvertistment
advertistmentadvertistment