මැතිව්ස්-චමීර අද තරගයට නැහැ – සහාය පුහුණුකරු නවීඩ් නවාස් කියයි

178

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර අතිරේක ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එකතු වුවද ඔවුන් අද තරගය සඳහා එක්කර ගැනීමට අවස්ථාවක් නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා ඊයේ (20 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එම ක්‍රීඩකයන් දෙදෙනා ඊයේ ඉන්දියාවට පැමිණි අතර ඔවුන් කණ්ඩායමට එකතු කර ගැනීමට නම් ප්‍රධාන සංචිතයේ සිටින ක්‍රීඩකයන් දෙදෙනකු ඉන් ඉවත් කිරීමට තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි විය යුතු බව ද නවාස් මහතා පැවසීය.

කෙසේ වෙතත් මතීෂ පතිරණ සිය ආබාධයෙන් තවම සුවය ලබා නැති බවත් ඔහු යථා තත්ත්වයට පත්වීමට තව දින 10ක් පමණ ගතවනු ඇතැයි තමා විශ්වාස කරන බවද එහෙත් ඔහුගේ නම හෝ තවම තාක්ෂණික කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නැති බවද නවාස් මහතා පැවසීය.

කණ්ඩායමේ නායකයකු ආබාධයට ලක්වීම ඕනෑම කණ්ඩායමකට පාඩුවක් බවත් ඒ අනුව දසුන් මේ වනවිට මූලික සංචිතයේ නොමැති බවද ඔහු කීය.

එහෙත් තරග සඳහා ක්‍රීඩා නොකළ ද ඔහු ක්‍රම ක්‍රමයෙන් දැන් පුහුණුවීම් අරඹා ඇති බවද නවාස් මහතා සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ ලක්නව් නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment