නැගී එන ක්‍රීඩකයෝ තරගාවලි ජය සොයති

172

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංගලදේශ නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ තීරණාත්මක අවසාන තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී හෙට (22 වැනිදා) පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් දෙවන තරගය බංගලදේශය ජය ගැනීමත් නිසා තරගාවලිය 1-1 ක් ලෙස මේ වන විට සම තත්ත්වයෙන් අවසන් වී ඇත.

ඒ අනුව හෙට තරගය ජයග්‍රහණය කර තරගාවලිය ජය ගැනීමේ අරමුණ ඇතිව කණ්ඩායම් දෙකම අද තරගයට පිවිසෙනු ඇත.

මේ අතර දෙවැනි තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පන්දු ඕවර 50 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 297ක ඉලක්කයක් බංග්ලාදේශ කණ්ඩායම වෙත ලබාදුන්නේය. කැපී පෙනෙන ඉනිමක් දියත් කළ අහන් වික්‍රමසිංහ පන්දු 79ක් තුළ ලකුණු 77ක් රැස්කර ගැනීමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සොනාල් දිනූෂ ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම අයහපත් කාලගුණය යටතේ තරගය අත්හැර දමන විට පන්දු වාර 36ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 200ක් ලබා ගැනීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ප්‍රාන්තික් නවරෝස් පන්දු 116ක් තුළ ලකුණු 92 ක් සහ මොහොමදුල් හුසේන් ලකුණු 69ක් ලබා ගැනීමට සමත්විය.

ඉන්දාජිත් ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment