යාපනයෙන් ඉන්දියා යන නැව් සේවය නවතියි

2102

ඉන්දියාවේ නාගපට්ටන හා යාපනයේ කන්කසන්තුරේ අතර යාත්‍රා කෙරෙන ‘චෙරියපානී’ නැව් සේවාව අයහපත් කාලගුණික තත්ත්වය මත 20 දා සිට නවතා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව මෙම නැව් සේවාව මේ වසරේ ක්‍රියාත්මක වන්නේ 20 දා පමණක් වන අතර එම ගමන් වාරයට ඉන්දියාවේ සිට යාපනයට මගීහු 105 දෙනෙක් හා කන්කසන්තුරේ සිට ඉන්දියාවට මගීහු 78 දෙනෙක් එහා මෙහා යෑමට නියමිතව සිටිති.

අයහපත් කාලගුණික තත්ත්වය හා මෝසම් වර්ෂාව ආරම්භ වන නිසා චෙරියපානී නැව් සේවය යළි ජනවාරි මාසයේ මැද භාගයේදී ක්‍රියාත්මක කරවීමට නියමිතය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment