මෙසී ඇමෙරිකාවේත් වැඩ දායි

407

ප්‍රථම වතාවට යුරෝපයෙන් පිටත පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ඇමෙරිකාවේ ඉන්ටර් මියාමි ක්‍රීඩා සමාජය වෙනුවෙන් මේ දිනවල ක්‍රීඩා කරන ලෝක ශූර ආර්ජින්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසී තමන් සහභාගි වූ පළමු තරගයේදීම තම කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

කරස් අශූල් කණ්ඩායමට එරෙහිව මෙසී ගේ ඉන්ටර් මියාමි කණ්ඩායම මෙම තරගය 2-1 ක් ලෙස අවසන් මොහොතේ ජයගත් අතර ඒ සඳහා මෙසී එල්ල කළ පහර ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුරා මේ වන විට ජනප්‍රිය වී ඇත.

මෙසී නියෝජනය කරන ඉන්ටර් මියාමි පාපන්දු සමාජයේ සම හිමිකාරිත්වය හිටපු එංගලන්ත නායක ලෝක ශූර ඩේවිඩ් බෙකම් විසින් දරනු ලබයි.

මෙසී මෙසේ යුරෝපයෙන් පිටත ඇමෙරිකානු ලීගයක් සඳහා ක්‍රීඩා කළ එම පළමු අවස්ථාව දැක බලා ගැනීමට බෙකම් ට අමතරව සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඇතුළු ලොව ජනප්‍රිය ක්‍රීඩා තරු සහ සිනමා නළු නිළියෝ ද සහභාගි වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment