උණවටුන වෙරළ තීරයේ නීති විරෝධී අපද්‍රව්‍යයක්

495


නෞකාවලින් නීති විරෝධි ලෙස බැහැරකරණු ලැබු තාබොල් නැතිනම් තාර බෝල නැමැති අපද්‍රව්‍යයක් උණවටුණ වෙරළ තිරයට ගොඩගසා ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික්භාර නිලධාරි සදුන් වික්‍රමසිංහ මහතා පවසයි.
නෞකාවලින් බැහැරකරණු ලැබු තෙල්වලින් කුඩා කැට වශයෙන් මෙම අපද්‍රව්‍ය සකස් වි තිබු බවද සදුන් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
කාලයෙන් කාලයට මෙවැනි අපද්‍රව්‍ය වෙරළ තිරයට ගසාගෙන එනවා. නෞකා වලින් බැහැරකරණු ලැබු තෙල්වලින් තමයි කුඩා කැට වශයෙන් මෙම අපද්‍රව්‍ය සකස් වි තියෙන්නේ. තාබොල් නැතිනම් තාර බොල වශයෙන් තමයි මෙය හදුන්වන්නේ . මුහුදු තිරයේ මෙම අපද්‍රව්‍ය තිබෙන බව නාවික හමුදාව සහ වෙරළ සංරක්ෂණ දේපාර්තමෙන්තුව තවම තහවුරු කරලා නැහැ. උණවටුණ වෙරළ තිරයට ගොඩගසා තිබු මෙම අපදුව්‍ය සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සහ සාමාන්‍යධිකාරිවරයාගේ උපදෙස් මත උණවටුණ හෝටල් සංගමය, වෙරළ කමිටුව, කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමග එකතු වි මේ වනවිට ඉවත් කිරිමට කටයුතු කරමින් සිටිනවා. තව සුළු අපද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඉවත් කිරිමට තියෙන්නේ යැයිද සදුන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment