සාගරගෙන් අනුරට අභියෝගයක්

2320


ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා තමාට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරන තුරු බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.එවිට ඒ මහතා සම්බන්ධයෙන් තමාටත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට බොහෝ ලියකියවිලි ඇතැයි ද සඳහන් කළේය.මහින්ද හොරා,බැසිල් හොරා යැයි චෝදනා කරන අනුර කුමාර දිසානායක ඔවුන් හොරකම් කළේ මොනවාදැයි කියා ප්‍රකාශ නොකරන බවත් කීවේය.හිස් ෆයිල් තොගයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන ඒ මහතා එම ෆයිල් වල ඇතැයි කියන චෝදනා අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නේ මන්දැයි කියා විමසන බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment