නෙළුම්වැව අක්කර 100ක්  බදු දෙනවාට එරෙහිව විරෝධතා

87

පුත්තලම, කල්අඩිය, නෙළුම්වැව ප‍්‍රදේශයේ අක්කර සීයකට වැඩි භූමි ප‍්‍රමාණයක් පිටස්තර පුද්ගලයන්ට බදු දීමට විරෝධය පාමින් නෙළුම්වැව ජනතාව ඊයේ (2 වැනිදා) උදෑසන විරෝධතාවයක නිරත වූහ.

මොවුන් සඳහන් කරන්නේ මීට වසර ගණනාවකට පෙර තම දෙමව්පියන් වගා කළ මෙම ඉඩම් වල් අලි තර්ජනය නිසා අතහැර දැමූ බවත් වර්තමානයේ දී කිසියම් පිරිසක් විවිධ ජාවාරම් සඳහා මෙම ඉඩම් බදු ගැනීමට සූදානමක් තිබෙන බවය. ඒ නිසා බලධාරීන්ගේ අවධානය යොමු කර මෙම ඉඩම් ඔවුන්ට ලබා නොදී නෙළුම්වැව ග‍්‍රාමයේ ජනතාවට කුඹුරු වගා කිරීම සඳහා ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

 

advertistmentadvertistment
advertistmentadvertistment