කන්න දීපු ව්‍යාපාරිකයාගේ අත සපාකාලා – තිදෙනාම කූඩු

678

නිවසියන් නොමැති අතරේ ජනේලයක් ගලවා ඇතුළු වී රුපියල් දොළොස් ලක්ෂ විසිහය දහසක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

මොරගහහේන ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වූවන් අතර ගෝනපොළ ප‍්‍රදේශයේ තරුණයකු සහ අටුලූගම සහ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රන් භාණ්ඩ ව්‍යාපාරිකයන් දෙදෙනකු ද වන බව පොලිසිය කීය.

නිවැසියන් නොමැති අතරේ එහි ජනේලයක ග‍්‍රිල් එක උල් ආයුධයකින් ගලවා නිවසට ඇතුළු වී අල්මාරියේ සහ බෑගයක බහා තිබූ රන්මාල, අත් පළඳනා, වළලූ, මුදු, කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සහ මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සොරකම් කර ඇති බවට ප‍්‍රධාන සැකකරු ප‍්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කියයි.

එම ස්වර්ණාභරණ රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලකට අටුලූගම සහ බැල්ලපිටිය ප‍්‍රදේශයේ දෙදෙනකුට විකුණා තිබියදී සොයාගෙන ඔවුන් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිලි කර ඇති ව්‍යාපාරික මහතා විසින් කුඩාකල යන එන මං නොමැතිව අසරණව සිටියදී ප‍්‍රධාන සැකකරුව හදාවඩාගත් බවත් එබැවින් ඔහු එම නිවස පිළිබඳ මනා අවබෝධයකින් සොරකම කර ඇති බවත් පරීක්ෂණවලදී තහවුරු ඇතැයි වැටලීමට එක් නිලධාරියකු පැවැසීය.

සැකකරුවන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ පොලිස් අධිකාරී 1 උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතාගේ ප‍්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක සිසිර, සැරයන්වරුන් වන අනුර (27061), ලාල් (18397), කහවිල (55359), කොස්තාපල්වරුන් වන සුරංජිත් (36279), පුෂ්පකුමාර (82409), (වසන්ත), (69618), පැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment