සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනය අත්හරිති

556


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් අද උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හැර දැමීමට තීරණය කර ඇත.

අද උදෑසන 07.00 සිට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තිය සමිති මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් පැවැත්වුණි.

කෙසේවෙතත් ඇතිකර ගත් එකඟතාවයන්ට අදාළ වෘත්තිය සංගම් වෙත සාකච්ඡා සටහන් නිකුත් කර ඇති බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment