ක්‍රීඩා උපදේශවරයෙක් ගෙල වැලලාගෙන මියයයි

410


මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වු සිත් තැවුලක් හේතුවෙන් වලස්මුල්ල පල්ලෙකන්ද උතුරු කණුමුල්දෙණිය විද්‍යාලයේ ක්‍රිඩා පුහුණු උපදේශකවරයා විද්‍යාලයේ සිය නිළ කාමරය තුළදි ගෙළ වැළලාගෙන මියගොස් ඇත.
මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන මොදරවාන ඕකෙවෙල ලිපිනයේ පදිංචි ශ්‍රීනාත් දර්ශණ නැමති අයයි.
අදාල ගුරුවරයා පාසලේ ක්‍රිඩා කාමරය තුළ තිබූ බාල්කයක එල්ලී මියගොස් සිටියදී විදුහල්පති වරයා විසින් ඒ පිළිබදව වලස්මුල්ල පොලිසියට දැනුම් දි තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය පිරීක්ෂණ ආරම්භ කර ඇත. ගුරුවරයා ලිපියක්ද ලියා තබා මෙලෙස සියදිවි නසාගෙන තිබේ.මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ අදාල ගුරුවරයා නීති විරෝධී මුල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කර ඇති අතර පසුව එය නොලැබි යාම නිසා ඇති වු සිත් තැවුලක් හේතුවෙන් සියදිවි නසාගෙන ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment