පාතාල මර්දන දින දෙකකදී ප්‍රහාරක බළකාය වැඩ පෙන්වයි

830

පාතාල කෙරුමෝ 27ක් අත්අඩංගුවට

බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ පාතාල මර්දන ප්‍රහාරක බළකාය මගින් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී දින දෙකක කාල සීමාවකදී ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් 27දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 19 වැනිදා ආරම්භ කළ මෙම මෙහෙයුමේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ප්‍රහාරවලින් පාතාල කුලී මිනිස් ඝාතකයෙක්ද මරුමුවට පත් විය.

21 වැනිදා දිනයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී දකුණේ පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ ගෝලයකු, දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දෙදෙනකු, කුඩු අංජුගේ ගෝලයන් දෙදෙනකු ද, කංචිපාන ඉම්රාන්ගේ ගෝලයකු, කෙසෙල්වත්තේ දිනුකගේ පාතාල සගයකු, අතුරුගිටියේ ලඩියාගේ ගෝලයකු, හීනටියන සංඛගේ කල්ලියේ අපරාධකරුවකු ඇතුළු පාතාල මැරයන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට විශේෂ ඒකකවල නිලධාරීහු සමත් වූහ.

දකුණ සහ බස්නාහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මෙම මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ අංශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් මෙහෙයුම් ක්‍රියාත්මකය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment