පුදුකුඩුඉරිප්පු පාසල් දැරියක පැහැරගෙන දූෂණය කළ නරුමයෝ තිදෙනා අත්අඩංගුවට

755

මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේදී කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය පැහැර ගැනීමෙන් පසුව ඇගේ දෙමව්පියන් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් මත එම පැමිණිල්ල දිවයිනේම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබීම මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරුවන් පසුගිය 5 වෙනිදා සවස ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමූහ දූෂණයකට ලක් කර ඇති බවට පැමිණිල්ල ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කාත්තන්කුඩි ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-, 32 අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් කාත්තන්කුඩි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment