මත්ද්‍රව්‍ය නැතිකමින් දකුණේ මත්ලෝලීන් පිස්සු වැටිලා

193

කුඩු නැති අහේනියට බීඩි සුරුට්ටුවලට හුරුවෙලා

රටේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පාතාල වැටලීම් ක්‍රියාකාරකම් හමුවේ කතරගම තිස්සමහාරාම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිත කළ පිරිස් දැඩි අසීරුතාවට පත්වී ඇත.

මත්ද්‍රව්‍ය නොමැතිකම මත අයිස්, ගංජා භාවිතා කළ පිරිස් බුලත් විටට කන දුම්කොළ සපා කමින් ජලය පානය කරන බව අනාවරණය වේ.

බුලත් පුවක් අලෙවි කරන කඩකරුවකු සඳහන් කළේ කිසිදු දිනක බුලත් විටක් නොකෑ තරුණයන් ඇතුළු පුද්ගලයන් දුම්කොළ, සුරුට්ටු, බීඩි මිලදී ගන්නා බවයි. ඇතැමුන් දුම්කොළ සපා කමින් ජලය පානය කරන බව බුලත් විට කඩ හිමියෝ පවසති.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment