එල්පීඑල්වලට පළමුවරට විදෙස් විනිසුරුවරු දෙදෙනෙක්

132

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා පළමු වරට විදෙස් විනිසුරුවරුන් දෙදෙනකු මෙවර එක් වීමට නියමිතය.

නවසීලන්ත ජාතික විනිසුරු වේන් නයිට් සහ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ග්‍රෙගර් බ්‍රැත්වයිට් එම විදෙස් විනිසුරුවරු දෙපළ වෙති. මොවුන් දෙදෙනාම අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වන අතර ඔවුහු එකළොස් දෙනකුගෙන් යුතු එල්.පී.ඒ. විනිසුරු මඩුල්ල සමඟ කටයුතු කරනු ඇත.

ජාත්‍යන්තර විනිසුරුවරුන් දෙදෙනෙක් මෙම තරගාවලියට එක් කිරීම හරහා තරගාවලියේ ගුණාත්මක බව ඉහළ යන බව තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටී.

එල්පීඑල් තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද තරග නිලධාරීන් අතර තරග තීරකවරුන් සිව් දෙනකු සහ විනිසුරුවරුන් 11 දෙනකු ඇතුළත්ව සිටියි. විනිසුරුවරුන් අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විනිසුරු කමිටුවේ ඉහළ ගෞරවයට පාත්‍රව සිටින කුමාර් ධර්මසේන මහතාද වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment