මාලිමාවේ ජනපති අපේක්ෂක නිල වශයෙන් නම් කරයි

889


ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් නම් කර ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ අනුව ඉකුත් 27 වැනිදා රැස්වූ පක්ෂයේ විධායක සභාව තමාගේ නම අනුමත කළ බව ද ඒ බව ඊයේ පක්ෂයේ විධායක සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර ඇතැයිද කීවේය.හෙතෙම මේ බව පැවසූවේ ඊයේ රාත්‍රී හිරු රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සලකුණ වැඩ සටහනට එක් වෙමිණි.තම පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ අදූෂිත බල කඳවුරක් ලෙස බවත් එසේ නැතිව සෙසු දේශපාලන පක්ෂ මෙන් දූෂිත බල කඳවුරු ලෙස සංවිධානය නොවී යැයි ද ඔහු මෙිහිදී කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment