කාබනික පොහොර ගෙනා චීන සමාගමට මුදල් ගෙවීම උසාවියෙන් තහනම් කරයි

245

ශී‍්‍ර ලංකාවට කාබනික පොහොර සැපයීම සඳහා  ගිවිසගෙන සිටි චීනයේ ක්වින්ඩා ඕ බයෝටෙක් සමූහ ව්‍යාපාරයට එම පොහොර වෙනුවෙන් මුදල් ගෙවීම තහනම් කරන ලෙස ඉල්ලමින් කොළඹ වානිජ මහාධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට ලංකා පොහොර සමාගම පියවරගෙන ඇත.

 අදාළ චීන සමාගම ලංකාවට සැපයීමට නියමිත කාබනික පොහොර වෙනුවෙන් මහජන බැංකුව හරහා ණයවර ලිපි විවෘත කර තිබූ අතර උසාවි නියෝගය මගින් එම ණයවර ලිපි වෙනුවෙන් ක්වින්ඩා ඕ සමාගමට සහ එහි දේශීය ඒජන්තවරයා වන චෙලීනා කැපිටල් කෝපරේෂන් සමාගමට මුදල් ගෙවීම තහනම් කර ඇත.

 සිද්ධියට සම්බන්ධ පොහොර සමාගම ශී‍්‍ර ලංකාවට කාබනික පොහොර සැපයිය යුතු අතර එම පොහොරවල අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට සමාගම විසින් පිළිගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 මේ පොහොර සාම්පල ශී‍්‍ර ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන සේවාව විසින් පරීක්‍ෂා කර විෂ සහිත ක්‍ෂුද්‍ර ජීවීන් එහි අඩංගු බව හෙළිකරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment