අවට මුහුදේ නිරීක්‍ෂණයට ඇමරිකාවෙන් ලංකාවට ඔත්තු බැලීමේ යානයක්

348

ශ්‍රී ලංකාව අවට මුහුදේ ආවේක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකාවෙන් මෙරටට ඔත්තු බැලීමේ යානයක් ලබාදීමට නියමිතය.

Beech King Air 360er වර්ගයේ නවතම ගුවන් යානයක් ඇමෙරිකා රජයෙන් ලැබෙන අතර එම ගුවන් යානය මේ වසරේ ජුනි හෝ ජුලි මාසය වන විට මෙරටට ලබා දීමට නියමිතය. ගුවනේ සිට සමුද්‍රීය නිරීක්ෂණ කිරීමේ හැකියාව සහිත ඇමෙරිකානු ආරක්ෂක අංශවලට අයත් ආවේක්ෂණ ගුවන් යානයක් පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. එලෙස පැමිණි ගුවන් යානය චැලෙන්ජර් 605 වර්ගයේ නිරීක්ෂණ යානයක් වන අතර එය මෙරට ගුවන් හමුදා නියමුවන් සේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා යොදාගෙන තිබිණි. එසේම තවත් ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් දස දෙනකු පමණ ඉදිරි මාස කිහිපයේදී පුහුණුවීම් සඳහා ඇමෙරිකාව බලා යෑමට නියමිතය.


චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment