යාපනයේ ඩෙල්ෆ් දූපතට සුළං විදුලි බලාගාරයක්

50

පුනර්ජනනීය බලශක්ති වැඩසටහන යටතේ යාපනයේ ඩෙල්ෆ් දූපත් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සුළං බල හා සූර්ය විදුලි උත්පාදන මධ්‍යස්ථානවල ඉදිකිරීමේ කටයුතු භූමි පූජාවකින් පසුව 7 දා ආරම්භ කෙරුණි.

හින්දු ක්‍රමයට අනුව පැවැති මේ පූජාවන් සඳහා එම විදුලි බලාගාර ඉදිකිරීමේ කටයුතුවල, නිරත ඉන්දීය සමාගම්වල ඉංජිනේරුවන් හා නිලධාරීන් ද සහභාගී වූහ.

යාපනයේ අනලතීව් දූපතේ ද මෙවැනි විදුලි බලාගාර දෙකක් ඉදිරි කාලයේදී ආරම්භ කිරීමට නියමිතය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment