අවුරුදු 10 සිට දියණියට අතවර කළ නරුම පියා වසර නමයකට පසු අත්අඩංගුවට

724

එක් දරු මවක් වන 19 හැවිරිදි තම දියණිය, වයස අවුරුදු 10 සිට මේ දක්වා වරින් වර ස්ත්‍රී දූෂණයට ලක් කර ඇය මරා දමන බවට තර්ජනය කර බිය ගැන්වූ පියකු අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, එප්පාවල පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. වින්දිත කාන්තාව තම පුරුෂයා ගේ නිවැසියන් සමග ඇති කර ගත් ආරවුලක් විසඳීමට ගොස්, නැවත යතුරු පැදියෙන් පියා සහ පුරුෂයා සමඟ පැමිණෙමින් සිටියදී , අවශ්‍යතාවයක් සඳහා පුරුෂයා යතුරු පැදියෙන් බැස ගිය අවස්ථාවේදී පාළු මාර්ගයකදී පියා විසින් මෙම ස්ත්‍රී දූෂණය සිදු කර ඇති බව පොලිසිය කියයි.

අවසන් වරට එම සිදු වීම ඉකුත් දිනෙක රාත්‍රී 8.30ට පමණ සිදුවූ බවත්, තමාට වයස අවුරුදු 10 සිට මේ දක්වා පියා විසින් තමා, වරින් වර ස්ත්‍රී දූෂණයට ලක් කරන බවත්, එයට විරුද්ධ වන සෑම අවස්ථාවකම මරා දමන බවට තර්ජනය කරන බවට බිය ගන්වන බවටත් අදාල කාන්තාව කළ පැමිණිල්ලේදී අනාවරණය වූ බව ද බවද පොලිසිය කියයි.

කුඩා කළ සිට සිදු වන මෙම ක්‍රියාව හේතුවෙන් මේ වන විට තමන් දැඩි පීඩනයට ලක්ව ඇති බවත්, එය තව දුරටත් ඉවසා ගෙන සිටිය නොහැකි නිසා, සිය මවට සහ පුරුෂයාට මේ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව, මෙම පැමිණිල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එප්පාවල පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment