හයේ පන්තියේ දරුවන්ට අසැබි වීඩියෝ පෙන්නූ – ඕපනායක නරුම ගුරා රිමාන්ඩ්

126

ඕපනායක ප්‍රදේශයේ පාසලක පාසල් වේලාව තුළ හය ශ්‍රේණියේ ළමුන් දාහතර දෙනෙකුට උගන්වමින් සිටින අතරතුර සිය ජංගම දුරකතනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට සැලැස්වූ ගුරුවරයෙකු ඕපනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඉකුත් 14 වෙනිදා වූ සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුව දෙමාපියන් හා ගුරුවරුන් විසින් ඕපනායක පොලීසිය වෙත දැනුම් දීමෙන් පසු තිස්හතර හැවිරිදි සැකකාර ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තොරතුරු සටහන් කර ගැනීමෙන් පසු 16 දා බලංගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. බලංගොඩ මහෙස්ත්‍රාත් බී.කේ.වී.එච්. රුද්‍රිගෝ මියගේ නියෝජනය මත සැප්තැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඕපනායක පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප එච්.ඒ.ඩී.එන්. හෙට්ටිආරච්චි මහතා සහ කා.පො.සැ. (4230) ඩිලානි මහත්මිය ඇතුළු නිලධාරීහු මූලික විමර්ශන සිදු කළහ.
ඕපනායක ජයලත්.එම් විමලසේන

advertistmentadvertistment
advertistmentadvertistment