බඩල්ගම පොල් ඉඩමේ මුරකාර කාන්තාව ඇඳ උඩ මරා දාලා

1034

අත් බැඳලාඝාතකයන් ඇවිත් ඇත්තේ වහලයෙන්

බඩල්ගම, දකුණු කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පිහිටි මරදවත්ත නමැති පොල් ඉඩමේ මුරකරු ලෙස සේවය කළ 59 හැවිරිදි කාන්තාවක මුර නිවසේ කාමරය තුළ ඇති ඇඳ මත ඝාතනය කර තිබියදී ඊයේ (18දා) දහවල් සිරුර සොයාගත් බව බඩල්ගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇති කාන්තාව විජේසිරිවර්ධනගේ ශාන්ති නමින් හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය. මුර නිවසේ කාමරය තුළ ඇති ඇඳක් මත ඝාතනයට ලක්වූ මෙම කාන්තාවගේ අත්දෙක එකට එකතු කර රෙදි පටියකින් බැඳ දමා මුහුණ කොට්ටයකින් වසා තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. ගෙල සිරකර එම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ඝාතනය සඳහා පැමිණි පුද්ගලයකු හෝ කණ්ඩායමක් කාන්තාව සිටි නිවසේ කාමරයට ඇතුළු වී ඇත්තේ වහලයේ උළු ඉවත් කිරීමෙන් අනතුරුව බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අක්කර 15ක් පමණ විශාල වූ එම පොල් ඉඩමේ මුරකරු ලෙස වසර 27 ක් පමණ කාලයක් ඝාතනයට ලක්වූ මෙම කාන්තාව සේවය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (18දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා, පොලිස් අධිකාරි පාලිත අමරතුංග යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත වීරසිංහ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment