මහින්දලා රනිල්ලා එක්වුණානම් ඇයි අපට බැරි – ටිල්වින් සිල්වා

5323

මහින්ද රාජපක්‍ෂලාට සහ රනිල් වික්‍රමසිංහලාට එක්ව රට පාලනය කළ හැකි නම් ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක කඳවුරක් වෙත එකතුවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ජාතිවාදයෙන් තොර මනුෂ්‍යත්වයෙන් එකම කඳවුරක් සියලු දෙනා එක්ව නිර්මාණය කළ යුතු බවත් ඊට නායකත්වය ලබාදීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සූදානම් බවත් හෙතෙම කීවේය.

ඉදිරියේදී ඡන්ද භාවිතා කිරීමේ බේදීම් රේඛාව වන්නේ රට බංකොළොත් කළ කණ්ඩායමද එසේ නැතිනම් රට ගොඩනඟන මාලිමා කණ්ඩායමද යන්න බවත් එහිදී අති බහුතරය මාලිමා කණ්ඩායම වටා එක්වනු ඇති බවත් සිල්වා මහතා කියා සිටියේය.

හොර නඩයක් වූ සතුරන් සියලු දෙනා එක මිටට තබා එහිදී පරාජය කළ හැකි වනු ඇතැයිද එමඟින් ඉතිහාසය අලුතින් ලියන පරම්පරාවක් ගොඩනැඟීමට හැකිවනු ඇති බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙරේදා (16 දා) එම අදහස් පළ කළේ ජාතික ජනබලවේගයේ මීගමුව ආසන සමුළුවේදීය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment