කටුනායකට පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙක් යානය තුළදීම මරුට

508

ඔස්ටේ්‍රලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි ගුවන් යානයක ගමන් ගනිමින් සිටි ගුවන් මගියකු, හදිසියේම රෝගාතුර වීමෙන් එම ගුවන් යානය තුළදීම 27 දින රාත්‍රී මියගොස් සිටි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා පැවසීය.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට 05/27 දින රාත්‍රී 10.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානය තුළ මෙම මරණය සිදු වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි රත්නලිංගම් රාමලිංගම් නැමැති පිරිමි පුද්ගලයෙකි.

මෙම ගුවන් යානය ගුවන්ගත වී මද වේලාවකට පසුව මෙම ගුවන් මගියාට හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් අනතුරුව, ගුවන් යානය තුළම මියගොස් ඇති අතර ගුවන් යානය යළි ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත හරවා නොගොස් කෙළින්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ගුවන් නියමුවන් පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම මළසිරුර කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත භාර දී ඇති අතර, මේ වනවිට මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment