අනියම් පෙම් සබඳතාව හෙළිවීමෙන් ජපන් රූ රැජන කිරුළ අතහරී

444

සති දෙකකට පමණ පෙරදී ජපන් රූ රැජන ලෙස කිරුළු පැළඳි යුක්‍රේනයේ උපත ලැබූ කැරොලිනා ශිනෝ ටැබ්ලොයිඩ් පුවත්පතක් හරහා හෙළි කළ ඇයගේ අනියම් පෙම් සබඳතාවයක් හේතුවෙන් සිය කිරුළ අත හැරීමට පියවර ගෙන තිබේ. ජපන් රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව වූ ශිනෝ ගේ ජයග්‍රහණය පිළිබඳව ඉකුත් සතියේ සිට ජපන් සමාජය තුළ වාද විවාද හටගෙන තිබූ අතර ඇතැමුන් ඇයගේ ජයග්‍රහණය පිළිගෙන තිබුණ ද තවත් සමහරු ඇය සම්ප්‍රදායික ජපන් රූප සුන්දරියන් නියෝජනය නොකරන්නියක ලෙස හඳුන්වා දී තිබිණි.

මෙම වාද විවාද මධ්‍යයේ ජපන් ටැබ්ලොයිඩ් පුවත්පතක් වන ‘ශුකාන් බර් ෂුන්’ පුවත්පත මගින් 26 හැවිරිදි ශිනෝ විවාහක වෛද්‍යවරයෙකු හා ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන යන බව හෙළිදරව් කිරීමත් සමගම වරද පිළිගනිමින් සිය කිරුළ අත හැරීමට ඇය විසින් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ශිනෝ ටැබ්ලොයිඩ් පුවත්පත මගින් සිය සබඳතාවය පිළිබඳව හෙළිදරව් කිරීමෙන් පසු පවසා සිටියේ තමා සිය පෙම්වතා විවාහකයකු බව නොදැන සිටි බවයි. ජපන් රූ රැජන තරගාවලියේ සංවිධායකයන් ද මුලදී ශිනෝව ආරක්ෂා කරමින් පවසා සිටියේ ඇය සිය පෙම්වතා විවාහකයකු බව නොදැන සිටි බවයි. කෙසේ වුවද පසුව ශිනෝ සිය පෙම්වතාගේ කලින් විවාහය පිළිබඳවත් ඔහුගේ පවුල පිළිබඳවත් හොඳින් දැන සිටි බව සංවිධායකයෝ පවසා තිබිණි. රූප රැජන තරගාවලියේ සංවිධායකයන් හා සිය රසික රසිකාවියන් නොමග යවමින් සිය පෙම් සබඳතාවය පිළිබඳව අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටි ජපන් රූ රැජන සිය කිරුළ අතහැරීමට පියවර ගත බව පෙරේදා (05දා) නිවේදනය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment