බ්‍රවුන්ස් සමූහය,සුරක්ෂිත පරිසර පද්ධතියක් උදෙසා මීළඟ පරම්පරාව පෙළ ගස්වයි

92

ජනතාවට සහ පරිසරයට සිය කැපවීමේ උරුමය ඉදිරියට ගෙනයමින් බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී හි තිරසාරත්ව හස්තය බ්‍රවුන්ස් ග්‍රීන්,‘Plant a Tree – Plant a Life’ වැඩසටහන එහි ඖෂධ අංශයේ මූලිකත්වයෙන් පසුගියදා ආරම්භ කරන ලදී.

තිරසාර භාවිතයන්ට වඩාත් නැඹුරු චින්තනයකට යොමුවන ලෙස ව්‍යාපාරික ලෝකයෙන් ආයාචනා කල අප්‍රේල් මාසයේ යෙදුනු මෙවර ලෝක මිහිතල දිනයට සමගාමිව වැඩසටහන දියත් කෙරින. සජීවී සියළු දෑ ජීවයෙන් සපුරාලීම උදෙසා ගස් වැල් වල කාර්යභාරයේ වැදගත්කම පිළිබඳව තරුණ පරපුර තුළ වැඩි අවධානයක් ඇති කිරීම මෙම රුක්රෝපණ වැඩසටහන දියත් කිරීමේ අරමුණයි. පසුගිය අප්‍රේල් මස හලාවත වෑකඩ මහා විද්‍යාලයේදී ආරම්භ කෙරුණු වැඩසටහනේදී එහි හයවන ශ්‍රේණියේ සිසුන් 130 කට වැඩි පිරිසක් පාසල් පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කරනු ලැබීය. බ්‍රවුන්ස් – ඖෂධ පාරිභෝගික සහ ඒකාබද්ධ ඉංජිනේරුමය විසදුම් අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල විජේසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ,‘Plant a Tree – Plant a Life’ ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පාසල්වල පැල 100,000 ක් සිටුවීමට අපේක්ෂා කරයි.

බ්‍රවුන්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පශු ඖෂධ අංශයේ කාර්යමණ්ඩලය රුක්රෝපණ වැඩසටහනෙහි සමාරම්භක එක් වු අවස්ථාව ඡායාරුයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment