මහජන බැංකුවේ YouTube චැනලය Subscribe කර අලුත්ම Apple iPhone 15 දුරකතනයක් හිමි කරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරාගැනිමේ දිනුම් ඇදීම මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා) නිපුණිකා විජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

මෙහි වාසනාවන්ත ජයග්‍රාහිකාව දුම්මලසූරිය පදිංචි සඳුනි වත්සලා මෙනවිය වූ අතර, ඇයට හිමි Apple iPhone 15 දුරකතනය පිරිනැමීම මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා අතින් සිදුකෙරිණි.

මෙහිදි අදහස් දැක්වූ සඳුනි වත්සලා මෙනවිය ‘මහජන බැංකුවේ Facebook පිටුව මම Follow කරලා තිබ්බේ. දවසක් පෝස්ට් එකක් දැක්කා YouTube චැනලය Subscribe කරලා ඒකේ Screenshot එක Upload කරලා එවන ජයග්‍රාහකයෙකුට Apple iPhone 15 දුරකතනයක් හිමිවෙන බව. ඒ නිසා මම YouTube චැනලය Subscribe කළා.

මෙහි මිලඟ අදියරේ දිනුම් ඇදීමෙන් ඇපල් IPhone 15 Pro max දුරකතනයක් පිරිනැමෙන අතර, ඒ සඳහා ඔබ කළ යුත්තේ People’s Bank YouTube චැනලය Subscribe කර Facebook හි ඊට අදාළ ලින්කුව ක්ලික් කර, අදාළ වෙබ් අඩවියට පිවිස Screenshot එක Upload කිරීමයි. මෙය 2024 පෙබරවාරි මස 15 සිට ජුලි 31 දක්වා පැවැත්වේ.

YouTube චැනලයට අමතරව මහජන බැංකුවේ Facebook, Instagram, TikTok හා Linkedin ගිණුම් වෙත පිවිස ඒවා subscribe/follow /like lr Screenshot කර Screenshot එක Upload කිරීමෙන් දිනුම් අවස්ථා වැඩිකර ගත හැක. කෙසේ නමුත් තරඟයට ඇතුල් වීමට නම් YouTube චැනලය Subscribe කිරීම අනිවාර්ය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment