දිනපතා ගන්නා කෑමවල තෙල් ලුණු සීනි වැඩියි : දරුවන්ට ලෙඩ හැදිලා!

318

ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය

දෛනිකව ලබා ගන්නා ආහාරවල ලුණු, සීනි හා තෙල් අන්තර්ගත ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රෝගාබාධයන්ට ගොදුරුවෙමින් පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය.

දරුවන් රැසක් මේ වන විට අධික රුධිර පීඩනය හා දියවැඩියා තත්ත්වයන්ට ලක්ව ඇතැයිද හේ සඳහන් කළේය.

තවදුරටත් කතා කළ වෛද්‍ය ජී. විජේසූරිය මහතා මෙසේ ද කීය.

අපේ ආහාරවල අඩංගුවෙලා තියෙනවා වස වර්ග 3 ක්. අපි හැමදාම ගන්න ආහාර වර්ග තුනක්. මේක අපි ඕනෑවට වඩා ගත්තාම ඒක විසක් වෙනවා. එකක් තමා සීනි. සීනි කියන එක අපේ රටේ ජනගහනය එක්ක බැලුවොත් එක්කෙනෙක් භාවිතා කරන්න ඕනේ ප්‍රමාණයට වඩා තුන්ගුණයකින් සීනි භාවිතා කරනවා. තෙල් ගත්තාම ඒකත් එහෙමයි. අපි පොල් කිරිවලින් කෑම උයනවා. නවීන තෙල් වර්ගවලට ඇබ්බැහිවෙලා තියෙනවා. ඊළඟ කාරණය තමා ලුණු. අපේ රටේ ජනගහනය භාවිත කරන ලුණු ටොන් ගණන බැලුවොත් ඉතාම අධිකයි. සාමාන්‍යයෙන් දිනකට ලුණු ග්‍රෑම් 5 ක් වගේ එක පුද්ගලයෙක් භාවිතා කරන්න ඕනේ. නමුත් බලන්න දෙන්නෙක් ඉන්න ගෙදරකට ලුණු පැකට් කීයක් අරන් යනවාද කියලා. ශ්‍රී ලංකාවේ අපි ලුණු හා සීනි භාවිතය ඉතා අධිකයි. අපිට හැදෙන රෝගවලට වඩා රෝග හදාගන්නවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment